- Description
- Reviews (0)
- Store Policies
- Inquiries
Description
Description
Sydney Sheldon විසින් රචිත Master of the Game කෘතියේ සිංහල පරිවර්තනය.
“බටහිර සාහිත්‍ය ලොවට සිඩ්නි ශෙල්ඩන් බිහිවන්නේ ත්‍රාසෝත්පාදී නවකතාකරුවෙකු වශයෙනි. නමුත් ඔහු ඇමරිකා එක්සත් ජනපදය තුළ වඩාත් ජනප්‍රිය වූයේ අති සාර්ථක තිරනාටක රචකයකු ලෙසය. ඔහු විසින් රචිත ‘හාට් ටු හාට්’ ටෙලි චිත්‍රපට පෙල අසූව දශකයේ ශ්‍රී ලංකාව තුළද විකාශය විය. ශෙල්ඩන්ගේ නවකතා විශ්ව සාහිත්‍යයේ විශිෂ්ඨ කෘතීන් ලෙස කිසිවෙකු විසින් හෝ නොසැලකුවද බොහෝ දෙනෙකුට නුහුරු නුපුරුදු ක්ෂේත්‍ර ඔස්සේ පාඨකයා කැඳවාගෙන යාමත්, එක හුස්මට කියැවීමට සිත්දෙන කුතුහලයෙන් පිරි කතාන්දරයක් සමග පහසුවෙන් සොයාගත නොහැකි තොරතුරු සමූහයක් ඉදිරිපත් කිරීමත් තුළින් ඔහු අනෙකුත් බොහෝ ඇමරිකානු ත්‍රාසෝද්පාදී නවකතාකරුවන්ගෙන් සුවිශේෂී වේ.
දුප්පත්කමින් මිදීම සඳහා දකුණු අප්‍රිකාවේ දියමන්ති සොයා යන තරුණයෙකුගෙන් දහනව වන සියවසේදී ආරම්භ වන මෙම කතාන්දරය විසිවන සියවසේ දෙවන අර්ධය කරා දිවයන අතර ධනය වෙනුවෙන් මුල් යුගයේදී එළිපිට කෙරුනු බලුපොර පසුකාලීනව සදාචාරයට මුවාවී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී අටවනු ලබන නූල්සූත්තර බවට පරිවර්තනය වන අයුරුද, බටහිර බහුජාතික සමාගමක ආරම්භය සහ ඇතුලාන්තය මෙසේ යයි බටහිර ලේඛකයෙකුගේම පෑනෙන් (පැතලි චරිත සමූහයකින් වුවද) කියා පාන අයුරුද, දියමන්ති සොයා යෑමේදී මුහුණ පාන්නට සිදුවන බිහිසුනු කුමන්ත්‍රණ, අනතුරු, සහ පළිගැනීම්ද මෙම කෘතිය ඔස්සේ හෙලි වේ……”
Reviews (0)
Be the first to review “දියමන්ති දඩබිම/ Diyamanthi Dadabima”
Store Policies
Inquiries
General Inquiries
There are no inquiries yet.
Reviews
There are no reviews yet.