- Description
- Reviews (0)
- Store Policies
- Inquiries
Description
Description
විජයරත්න දොළවත්ත
”ඇයි ඌට යෝධ අං බැටළුවා කියන්නේ?”
“එහෙම කියන්නේ උගේ අං යුගලය විශාල නිසා. ඒවා ඝනකමයි. මහතයි. තදයි. රවුමට දඟර කැවිලා. ඒ අං යුවල තියෙන උගේ හිසින් අනින එක පහරකින් මිනිහෙක් මැරී වැටෙනවා.” හල් පවසද්දී රොජර්ගේ උකුසු ඇසට කිසියම් සෙලවෙන දෙයක ඡායාවක් ගැටුණේය. වඩාත් විමසිල්ලෙන් බලද්දී ඒ තුවක්කුවක් ඇති මිනිසෙක් බව ඔහු සැක හැර දැන ගත්තේය.
“හල්, කවුදෝ මිනිහෙක්. එයාගේ අතේ තුවක්කුවක් තියෙනවා. “රොජර් කීවේය.
“තුවක්කුවක් අතේ තියෙන මිහිහෙක් ඉන්නවා කියන්නේ අනවශ්‍ය කරදරයකට මුහුණ පෑමට සිදු වීමක්.” හල් තමන්ටම කියා ගත්තේය.
“අන්න මිනිහා මේ පැත්තට එනවා.” රොජර් කීවේය.
ඔවුන් ඉදිරියට පැමිණි මිනිසා හැඩිදැඩියෙකි. පෙනුමෙන් මිනිසෙකුට වඩා තිරිසනෙකුට සමානයෙකි. තුච්ඡ ගති පැවතුම් ඇති පහත් අධමයෙකුගේ පෙනුමැත්තෙකි. පළමුවෙන්ම කටහඬ අවදි කළේ අමුත්තාය.
Reviews (0)
Be the first to review “හිම බිම සැරිසරා/Hima Bima Serisara”
Store Policies
Inquiries
General Inquiries
There are no inquiries yet.
Reviews
There are no reviews yet.