Shop By Category
By: මොනිකා පුෂ්ප කුමාරි – Monika Pushpa Kumari
සාරා වසා තිබූ කාමරේ දොර හෙමිහිට විවර කළාය. දොර ඇරෙනවාත් එක්කම බුරැති යමක් බිම වැටෙන හඬ සාරාට ඇසිණි. බාගෙට ඇරුණු දොරින් සාරා එබී බැලුවාය. මොහොතකට පෙර වසා තිබූ කාමරේ දොරට හේත්තු වී උන් කවුරුන් හෝ කාමරේ බිම වැටී සිටියි.සාරාට පුදුම ඒක නොවේ.
කවුරුත් නැතැයි සිතා ඇතුළු වූ නිවසේ කාමරේක බිම කවුරුන් හෝ වැටී සිටියි.
” දෙයියන් රාජා අන්කල්….” සාරා බිම වැටී උන් පුද්ගලයා හඳුනන්නීය.
බිම වැටී උන් පුද්ගලයා වියරුවෙන් මෙන් දඟලයි. ඒ දඟලන අයුරින් ඔහු ජීවිතයත් මරණයත් අතර උන් බව සාරාට තේරිණ. “රාජා අන්කල්…”-
සාරා බිම වැටී උන් පුද්ගලයා වෙතට ළංව කතා කළාය. ඇය මේ වෙලාවේ තමා මේ ගෙදරට රහසේ ඇතුළුව උන් බව අමතක කළාය. ඒ ආවේ පළිගන්නට බවත් අමතක කළාය. ඇයට උවමනා කළේ මේ ඵෙලාවේ මේ බිම වැටී දඟලන පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමටය. එහෙත් ඊළඟ තත්පරයේ රාජා සදහටම දෙනෙත් පියව ගත්තේ සාරාගේ හිතේ භීතියක් ඇති කරමින්ය.
There are no inquiries yet.
Select at least 2 products
to compare
Notifications
Reviews
There are no reviews yet.